කොලොස්ටරෝල් වලට ඉතාම ගුණ කරපිංචා කැද නිවැරදිව හදන හැටි - Nimsara.com
කෑම වට්ටෝරු

කොලොස්ටරෝල් වලට ඉතාම ගුණ කරපිංචා කැද නිවැරදිව හදන හැටි

කරපිංචා කැඳ

අවශ්‍ය ද්‍රව්‍ය :
පිරිසිදු කරගත් කරපිංචා ග්‍රෑම් 400
කැකුළු හාල් ග්‍රෑම් 100
සුදුළූනු බික් කිහිපයක්
ලුණු අවශ්‍ය පමණ
වතුර කෝප්ප 3
පොල්කිරි කෝප්ප 2
සාදා ගන්නා ක්‍රමය :

සාමාන්‍ය බතක් පිසින ආකාරයට වඩා තරමක් වැඩිපුර වතුර දමා බත් බෙරි වෙනතුරු තම්බා ගන්න. කරපිංචා වලට වතුර දමා කොටා මිරිකා ගන්න. හාල් තැම්බෙන විට සුදුළූනු එකතු කර හැන්දෙන් පොඩි කරගන්න. පොල්කිරි දමා උතුරන විට කොළ ඉස්ම මිශ්‍ර කර ගන්න. විනාඩි 2ක් පමණ හොදින් හැඳි ගා ලුණු එක්කර ලිපෙන් බා පිළිගන්වන්න.

ලයික් එකක් දාමුද යාලුවේ ස්තුතියි මේ ලිපිය යාලුවන්ටත් දැනගන්න Share කරන්න

Leave a Comment

error: Content is protected !!